VPN ගැන මේ දින සියලු දෙනාම අහනව වගේම භාවිතා කරනවා. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ මොකක්ද මේ VPN පිටුපස තිබෙන කතාව කියලා.
මොනවද මේ VPN කියන්නේ?
VPN = Virtual Private Network. එහෙමත් නැතිනම් පුද්ගලික ජාල. අන්තර්ජාලය තුල ආරක්ෂිතව සැරිසැරීමට දුරස්ථව සම්බන්ද විය හැකි Server එකක් තමයි VPN එකක් කියන්නේ

මොනවටද මේ VPN භාවිතා කරන්නේ?
VPN මේ දවස් වල හැමෝම භාවිතා කරන නිසා මට අමුතුවෙන් කියනන් දෙයක් නැහැ මොකටද VPN භාවිත වෙන්නේ කියලා. හැබැයි block කරපු වෙබ් අඩවී වලට යන් විතරද VPN පාවිච්චි කරන්නේ? අපෝ නෑ… VPN ගොඩක් වෙලාවට භාවිත කරන්නේ අන්තර්ජාලය තුල ආරක්ෂිතව සැරිසරන්න. Public wifi එකක් භාවිතා කරලා අන්තර්ජාලයට සම්බන්ද වෙනවානම් එම සම්බන්දතවයට සම්බන්ද වී සිටින අනෙකුත් පුද්ගලයන්ට පුළුවන් අපේ data මොනවද කියල බලන්න. හැබැයි අපි VPN එකක් හරහා නම් සම්බන්ද වන්නේ එය ආරක්ෂිතයි. හැබැයි මේ free දෙන VPN එකක් use කරා කියලා එහෙම ආරක්‍ෂිත වෙන්නේ නෑ. මොකද එ software අපි දන්නේ නෑ කවුරු විසින් කුමන අරමුණකින් හදපුවද කියලා.

හැබයි අපිට පුළුවන් අපේ ගෙදර තියන පරිගණකයට VPN software එකක් install කරලා ගෙදරින් පිට පොදු අන්තරජාල සම්බන්දතවයකට සම්බන්දවෙන්වා නම් අපේ VPN එකට connect වෙලා ඒ හරහා අන්තර්ජාලයට පිවිසෙන්න. මේ සදහා බොහෝ වෙලාවට අපිට පුළුවන් Open VPN කියන free software එක භාවිතා කරන්න.

VPN භාවිතා කරොත් ISP / රජයට දැනගන්න බැරිද?
පිළිතුර තමයි පුළුවන්. ඒ වගේම VPN බ්ලොක් කිරීමටත් ඔවුන්ට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි VPN හරහා අපි භාවිතා කරන වෙබ් අඩවි පවා දැනගැනීමට දියුණු රටවල් කෘතීම බුද්ධිය පවා භාවිතා කරන අවස්තාවන් තිබෙනවා. හැබැයි එක 100% සාර්ථක නැහැ, මොකද cryptography භාවිතයෙන් encrypt කරන data decrypt කිරීමට machine learning වලට දැනට හැකියාවක් නැහැ.
ඉදිරියේදී අපි බලමු මේ ගැන තවත් විස්තරාත්මකව කතා කරන්න…
Service provide karana company ekata one nan data ganna puluwan
ISP ta baha encrypt wechcha data decrypt karanna. VPN eka harana data encrypt wela thama ISP haraha yanne.