Skip to content

Chamupathi Gigara's personal Blog

Just another Giga Network site

Menu
  • Blog
  • About Me
Menu

WhatsApp සදහටම නැති වෙයි?

Posted on December 30, 2019December 30, 2019 by gigara

WhatsApp කියන්නෙ අද වෙනකොට ලෝකෙ වැඩියෙන්ම වගෙ භාවිතා වෙන ඇප් එකක්. ඉතින් අපි දිනපතා භාවිතා කරන WhatsApp ඇප් එකේ වටිනා කියන messages, images, videos, documents තියෙන්න පුලුවන්. ඉතින් WhatsApp එකේ මේ තියෙන දත්ත සම්පූර්නයෙන්ම delete වුනොත්? ඔබට ප්‍රශ්න රැසකට මුහුන දෙන්න සිදුවන්නට පුලුවන්. හැකර් වරුන්ගෙ ප්‍රහාරයකින් ඔබට එසේ කිරීමට සිදු විය හැකියි.

ඉතින් ඒ ගැන වගේම WhatsApp එකේ තිබෙන තවත් bugs කිහිපයක් ගැන තමයි අද මම මේ පොස්ට් එක ලියන්නෙ.

Bug – Anonymous messaging

WhatsAppහි තිබෙන end to end encryption එක කඩන්න, එහෙමත් නැතිනම් එය decrypt කරන්න WhatsApp web භාවිතයෙන් මට පුලුවන් උනා. ඒ සදහා තවත් tools කිහිපයක්ම මම යොදා ගත්තා. ඉතින් මේ ටූල්ස් භාවිතයෙන් අපිට පුලුවන් වුනා WhatsApp එකට එන සහ යන messages decrypt කරලා එහි දත්ත වෙනස් කරන්න.

Decrypted message

ඒ හරහා WhatsApp group එකක සාමාජිකයෙක් එවන message decrypt කරලා එම එවන ලද message එක වගේම ඔහුගෙ නම/නම්බර් එකත් වෙනස් කරන්නට හැකියාව ලැබෙනවා. වෙනස් කරට පස්සෙ අපි පුලුවන් නැවතත් එය encrypt කරලා භාවිතා කරන්න.

re-encrypted message

ඉතින් අපි දන්නවා මේ ආකරයට වෙනස් කරන ලද මැසේජ් එකට reply කරොත් එම මැසේජ් එක අනිත් සාමාජිකයන්ගෙ ෆෝන් වලටද යනවා. අන්න එතනදි තමයි මම අර මුලින්ම කියපු දේ වැදගත් වෙන්නෙ.

WhatsApp ඇප් එකේ තිබෙන දෝශයක් තමයි, මැසේජ් එක එවන කෙනාගෙ නම්බර් එක ඉලක්කම් 5-20 සීමාවේ නොතිබුනොත් හෝ, එහි ඉලක්කමක් නොවන වෙනත් සංකේතයක් අඩංගු වුවහොත් එය හදුනා ගැනීමට නොහැකි විම. මෙම දෝශය නිසා WhatsApp දිගින් දිගටම crash වීමකට ලක් වෙනවා.

Devices crashing

මෙම crash වීම නැවැත්වීමට නම් ඔබ ඔබගෙ චැට් history එක delete කිරීමටම සිදු වෙනවා. එහිදී ඔබගෙ වටිනා දත්ත සියල්ල ඔබට අහිමි වනු ඇත. මේ ආකරයට WhatsApp groups වල විතරක් නෙවෙයි personal message එකක වුවද පණිවිඩය වෙනස් කරන්න පුලුවන්.

WhatsApp හිමිකාරි Facebook සමාගම පවසන පරිදි WhatsAppහි තිබෙන සංකීර්ණත්වය නිසා තවමත් ඔවුන්ට මේ සදහා පිලියමක් සොයා ගැනීමට නොහැකිව ඇත. කෙසේ වෙතත් app එක crash වීම වලැක්වීම සදහා පමණක් ඔවුන් update එකක් නිකුත් කර තිබේ.

මීට අමතරව WhatsApp group එකක එක් තෝරාගත් සාමාජිකයෙකුට පමණක් පෙනෙන ආකාරයට මැසේජ් යැවිය හැකි bug එකක්, වෙනත් අයෙකු සමග කරන ලද ව්‍යාජ වට්ස්ඇප් සංවාදයක් වුවද පහසුවෙන් නිර්මාණය කිරීමටද හැකි bugs ගැන මම ඉදිරි පොස්ට් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙවැනි attack එකකින් ආරක්ශා වෙන්නෙ කොහොමද?

මෙවැනි bugs ඕනෑම ඇප් එකක අනිවාර්‍යෙන් තිබෙනවා. එම bugs fix කිරීමට හැකි සෑම උත්සහයක්ම නිර්මාණකරුවන් විසින් ගනු ලබනවා. හැකි සෑම විටම ඔබගේ ස්මර්ට් ෆෝන් එක/ පරිගණකය update කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එමගින් සිදු විය හැකි හානි අවම කර ගත හැක. WhatsApp වෙත එවන Gif මැසේජයක් ඔස්සේ ඔබගේ ෆෝන් එකේ තිබෙන දත්ත සොරකම් කිරීමට හැකිවූ අවස්තාවන්ද අපට දැනගන්නට ලැබුනා. හැබයි ඔබ තවමත් භාවිතා කරන්නෙ නිසි ලෙස යාවත් කාලීන නොකරන ලද Apps නම් ඔබට එවැනි ක්‍රියාවන්ට ඉතාමත් පහසුවෙන් ගොදුරු වීමට සිදු වේ.

මේ වගේ තවත් වැදගත් වන පොස්ට්/ වීඩියෝස් ගැන දැන ගන්න බ්ලොග් එක subscribe කරන්න වගේම මේ පොස්ට් එක share කරන්න, ඔබේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා… ???

Reference: checkpoint.com

2 thoughts on “WhatsApp සදහටම නැති වෙයි?”

  1. papaya says:
    January 3, 2020 at 1:24 am

    Well done bro & keep it up✌️✌️

    Reply
  2. Vidushika Ruwanpathirana says:
    April 25, 2020 at 10:49 am

    Good job!

    Reply

Leave a Reply to papaya Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Recent Posts

  • දේවාරූඩයෙන් Code කරන්න
  • මොනවද මේ Malware?
  • WhatsApp සදහටම නැති වෙයි?
  • Ballerina ගැන සිංහලෙන් – Ballerina in Sinhala
  • VPN ගැන ඔබ දැනුවත් ද?

Recent Comments

  • දේවාරූඩයෙන් Code කරන්න | Chamupathi Gigara's personal Blog on Ballerina ගැන සිංහලෙන් – Ballerina in Sinhala
  • Aruna Danuddara on මොනවද මේ Malware?
  • Nishiki Yapa on මොනවද මේ Malware?
  • Papaya on මොනවද මේ Malware?
  • Vidushika Ruwanpathirana on WhatsApp සදහටම නැති වෙයි?

Archives

  • February 2022
  • April 2020
  • December 2019
  • July 2019
  • April 2019
  • March 2019
  • February 2019
  • July 2018
  • March 2018
  • February 2018

Categories

  • Ballerina
  • Cyber Security
  • Java
  • Python
  • Uncategorized
© 2022 Chamupathi Gigara's personal Blog | Powered by Superbs Personal Blog theme