මම උදාහරණයක් අසුරෙන්ම පැහැදිලි කරන්නම් මොනවද මේ methods කියල.
මට අවශ්යය් 3-5, 6-17, 21-32 වැනි සංඛයා පරාසයන්හි එකතුවන්හි අහයන් print කරගන්න. අපි දන්නවා අපිට මේ විදියට පහසුවෙන්ම ඒවා print කරගන්න පුළුවන්.
public static void main(String[] args) {
int sum=0
for(int i=3; i<=5; i++){
sum += i
}
System.out.println(sum);
sum=0
for(int i=6; i<=17; i++){
sum += i
}
System.out.println(sum);
sum=0
for(int i=21; i<=32; i++){
sum += i
}
System.out.println(sum);
}
දැන් අපිට දැකගන්න පුලුවන් මෙහි එකම ආකාරයේ for loop එකක් 3 වරක් යෙදී තිබෙන බව. නමුත් 3 හිදිම සිදුවී තිබෙන්නේ එකම කාර්යයක්. අපිට පුළුවන් උනොත් මේ 3ම එකකින් කරන්න ?
දැන් අපි බලමු කොහොමද methods භාවිතයෙන් කරන්නේ කියලා.
public static void main(String[] args) {
System.out.println("Sum from 3 to 5 is " + sum(3, 5));
System.out.println("Sum from 6 to 17 is "+ sum(6, 17));
System.out.println("Sum from 21 to 32 is "+ sum(21, 32));
}
public static int sum(int i1, int i2) {
int sum = 0;
for (int i = i1; i <= i2; i++){
sum += i;
}
return sum;
}
දැන් ඔයාලට බලාගන්න පුලුවන් ඉතාමත් පහසුවෙන් අඩු පේලි ප්රමානයකින් අපි කලින් ලියපු වැඩේම කරගෙන තියන හැටි. මෙහිදී මම කරේ එක method එකක් භාවිත කිරිමය. මෙහි line 7 සිට 13 තිබෙන්නේ මම හදපු method එකයි.
දැන් අපි බලමු කොහොමද මේ method එකක් ලියන්නේ කියලා.

මේ පිලිබදව වැඩිදුර විස්තර මම ඉදිරි ලිපියකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි…
