Skip to content

Chamupathi Gigara's personal Blog

Just another Giga Network site

Menu
  • Blog
  • About Me
Menu

දේවාරූඩයෙන් Code කරන්න

Posted on February 6, 2022February 6, 2022 by gigara

තාක්ෂණයේ දියුණුවත් එක්ක Code කිරීම පහසු කරන්න විවිද Languages, Frameworks, Platforms පැමිණෙනවා. උදාහරණයක් විදියට මීට වසර කීපයකට පෙර අපිට මොබයිල් ඇප් එකක් හදන්න ඕනෙ නම් Android සහ IoS යන Operating System 2ටම වෙන වෙනම ඇප්ස් හදන්න ඕනෙ. හැබැයි Flutter, React Native වගේ frameworks පැමිණීමත් සමඟ අපිට පුලුවන් එක කෝඩ් එකකින් Operting System දෙකේම වැඩ කරන්න ඇප් එකක් අඩු කාලයකින් සාදා ගන්න.

Source: Google

ඉතින් මේ Language, Frameworks වලට අමතරව කෝඩ් කරන්නෙ නැතුව Drag & Drop විදියට ඒමත් නැත්නම් Diagram එකක් ආදාරයෙන් කෝඩ් එක Auto generate කරන්න පුලුවන් Services, Platforms වේ වෙද්දි කරලියට ඇවිල්ල තියෙනවා.

Drag & Drop builder. Source: Google

උදාහරණයක් විදියට Google teachable හරහා අපිට පුලුවන් සංකීර්ණ Machine Learning Model එකක් Code කරන්නෙ නැතුව හදාගන්න. කෙසේ උනත් තවම මේ Low Code Services බහුතරයක් තියෙන්නෙ ප්‍රාථමික අදියරේ. UI Development වගේ දේවල් Low Code විදියට කරන්න පුලුවන් උනත් Backend development වගේ දේවල් තවමත් Code කිරීමකින් තොරව සිදුකරගැනීමට හැකියාවක් නෑහැ.

Google’s Teachable Machines. Source: Google

ඉතින් අද මම කියන්න යන්නෙ Backend Api Services කෝඩ් කරන්නෙ නැතුව ඉතාම පහසුවෙන් Diagram එකක් ආධාරයෙන් develop කරන්න පුලුවන් platform එකක ගැන. මම කලින් පෝස්ට් එකකින් කිව්වා අපේ රටේ හැදුනු Ballerina කියන Langugage එක ගැන. Ballerina කියන language එක තමයි මේකෙදි use වෙන්නෙ. ඒ කියන්නෙ අපිට පුලුව්න් diagam එකක් ඔස්සේ අදින API එක කෝඩ් එකක් විදියට generate කරගන්න. ඒ වගේම අපිට පුලුවන් එ API එක use කරන්න (පලවෙනි API call 1000 නොමිලේ).

මේ Platform එකේ නම තමයි Choreo. https://console.choreo.dev/ කියන සයිට් එකට ගිහින් ලොග් උනාම අපිට පුලුවන් Sample එකක් use කරලා API එකක් develop කරන්න. ඒමත් නැතනම් අපිට පුලුවන් අලුතෙන්ම API එකක් implement කරන්න.

Choreo Console – Home

තවත් පෝස්ට් එකකින් අපි බලමු කොහොමද මේ Platform එක use කරලා Code මවලා Backend API එකක් හදාගන්නෙ කියලා…

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Recent Posts

  • දේවාරූඩයෙන් Code කරන්න
  • මොනවද මේ Malware?
  • WhatsApp සදහටම නැති වෙයි?
  • Ballerina ගැන සිංහලෙන් – Ballerina in Sinhala
  • VPN ගැන ඔබ දැනුවත් ද?

Recent Comments

  • දේවාරූඩයෙන් Code කරන්න | Chamupathi Gigara's personal Blog on Ballerina ගැන සිංහලෙන් – Ballerina in Sinhala
  • Aruna Danuddara on මොනවද මේ Malware?
  • Nishiki Yapa on මොනවද මේ Malware?
  • Papaya on මොනවද මේ Malware?
  • Vidushika Ruwanpathirana on WhatsApp සදහටම නැති වෙයි?

Archives

  • February 2022
  • April 2020
  • December 2019
  • July 2019
  • April 2019
  • March 2019
  • February 2019
  • July 2018
  • March 2018
  • February 2018

Categories

  • Ballerina
  • Cyber Security
  • Java
  • Python
  • Uncategorized
© 2022 Chamupathi Gigara's personal Blog | Powered by Superbs Personal Blog theme