කලින් post වලින් මම ඔයාලට JAVA install කරන හටි කියල දුන්නා නේ. දැන් අපි බලමු කොහොමද ජාවා වලින් වැඩ කරන්නේ කියල.
-
- මේ අදියරේදී අපි JAVA code ලියන්න යොදාගන්නේ Notepad එක. මේ සදහා Notepad ++ වැනි software එකක් උනත් යොදාගන්න පුලුවන්.
මුලින්ම Notepad එක open කරගෙන මෙන්න මේ code එක paste කරන්න.public class HelloWorld{ public static void main(String[] args){ System.out.println("HelloWorld"); } }මේ code එකේ HelloWorld කියල මුල පේලියේ type කරලා තියෙන්නේ Class name එක. ඉදිරියේදී අපි ඒ ගැන කතා කරමු. JAVA programme එකක් save කරන්න ඕන අනිවාරෙන්ම <ClassName> . java විදියට.
උදා.: අපි හදපු programme එක save කරන්න ඕන HelloWorld.java කියල.
- මේ අදියරේදී අපි JAVA code ලියන්න යොදාගන්නේ Notepad එක. මේ සදහා Notepad ++ වැනි software එකක් උනත් යොදාගන්න පුලුවන්.
- අපි දැන් save කරගත්තු HelloWorld.java file එක run කරන්නේ කොහොමද කියල බලමු.
ඒ සදහා අපි Command Prompt එක open කරගන්න ඕන. start menu එකේ search කරලා ඔයාලට පුලුවන් Command Prompt එක open කර ගන්න.දැන් අපි අපේ file ඒක save කරගත්තු තැනට Command Prompt ඒකෙන් යන්න ඕන. ඒ සදහා අපි යොදාගන්නේ cd /d කියන command එක.
උදා.: cd /d F:\Giga\Java\Blog


දැන් අපි මුලින්ම ජාවා file එක compile කරන්න ඕන. compile කිරීමේදී වෙන්නේ අපි ලියපු ජාවා file එක machine language එකට පරිවර්තනය වීමයි.
compile කිරීමට අපි පහත command එක පාවිච්චි කරනවා.
javac HelloWorld.java


මෙම command එකෙන් පස්සෙ අපේ java file එක තියෙන තැන .class කියල file එකක් තියෙනවා දැකගන්න පුලුවන්.

ඒ තමයි compile වෙච්ච file එක.මෙහි HelloWorld.java යනුවෙන් තිබෙන්නේ අපි කලින් save කරගත්තු java file එකේ නම.
දැන් අපි compile කරගත්තු java file එක run කරමු.
java HelloWorld කියන command එක තමයි අපි එකට පාවිච්චි කරන්නේ

ඊට පස්සේ ඔයාලට දැකගන් පුලුවන් command prompt එකේ HelloWorld කියල print වෙනවා. ඒ තමයි අපේ පලවෙනි java programme එක.
public class HelloWorld{ public static void main(String[] args){ System.out.println("HelloWorld"); } }අපේ code එකේ println කියන කොටසින් තමයි HelloWorld කියල print වෙන්නේ. දැන් ඔයාලට පුලුවන් HelloWorld කියන තැනට වෙන text එකක් දාල නැවත run කරලා බලන්න.
code එක edit කරන හැම වෙලාවේම නැවත run කිරීමේදී පෙර පරිදි compile කර නැවත run කිරීම අනිවාර්යය වේ.
