වැඩසටහන් වලදී අපට විවිධ දත්ත ගබඩාකිිිරීමට අවශ්‍යවනවා. එම දත්ත තාවකාලිකව ගබඩාකර තබා ගැනීම සදහා අප variables භාවිතා කරනු ලබනවා.
Declaration
Variables පවතින්නේ අපි කලින් ලිපියේදී සාකච්ඡා කරපු data types වලිනි.
eg: int giga;
int var;
string name;
මෙහිදී අප ගබඩා කිරීමට බලාපොරොත්තු වන දත්ත වලට අදාලව data type එක තෝරාගත යුතුය.
Initialization
Declare කල variable වලට අගයන් ලබා දීම පහත පරිදි සිදු කෙරේ.
giga = 10;
var = 5;
name = “Chamupathi”;
• Variable එකට අගයක් ලබා දීමට පෙර එය declare කිරීම අනිවාර්යය.
Variable එක declare කරන අවස්ථාවේදීම ද එය initialize කල හැක.
eg: int marks = 33; // int is the type & marks is the name
Variable නම් කිරීමේ සම්මතයන්. Naming Convention for Variables
- මුල් අකුර simple අකුරක් විය යුතුයි
- යෙදිම විස්තර විය යුතුය.
eg: String name; – to store name
int age; – to store age - එක වචනයකට වඩා තිබේ නම් දෙවෙනි වචනයේ මුලකුර capital විය යුතුය.
eg: int fullName;
Variable නම් කිරීමේ නීති. Rules to Name Variable
- අකුරකින් , _ සලකුණකින් හෝ $ සලකුණකින් ආරම්භ විය යුතුය.
- Space තිබිය නොහැක.
- විශේෂිත වූ අක්ෂර තිබිය නොහැක. ( %, @, !, #, &, ^,…)
Valid names
m
c2c
PI
circle_Area
circleArea2
Invalid names
2m
Xyz!
!2d#d
Circle Area
@@##